ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ 271කින් වර්ධනය වී ඇති බවයි. මරණ ගණනද 317කින් වැඩි වී ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිතය ඊට ප්‍රධාන හේතුව වී තිබේ.
එමෙන්ම මාර්ග අනතුරුවලට වැඩි වශයෙන් ලක්වන්නේ පදිකයින් බවද ඔහු කියා සිටියේය.
“ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර්ග රිය අනතුරු 271කින් වැඩිවෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩිවෙලා තියෙනවා. නමුත් බරපතළ අනතුරු ගත්තාම සාමාන්‍යයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව අපේ රියදුරු මහතුන්ගේ තියන නොසැලකිල්ල, අනවධානය වගේ හේතුන් මේකට විශේෂයෙන් බලපාලා තියෙනවා. දැන් අපි ගත්තාම දෛනික මාරක අනතුරු අධ්‍යනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ විශේෂයෙන් පදිකයෝ. පදිකයෝ 31%ක ප්‍රමාණයක් වාර්ෂිකව අනතුරුවලට භාජනය වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්. අපිට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි වාහන පාවිච්චි කරන රියදුරන් බොහෝ අය මේකට හේතුවක් වෙනවා මත්ද්‍රව්‍ය සහ බීමත්කම. ඉදිරියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අනවධානයෙන් අන්තරාකාරීව රිය පදවලා තියෙනවානම් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පොලිස්පතිවරයා දැනුම්දීලා තියෙනවා.” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන ලදී.





