/ Jan 10, 2026

මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට!

පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නව මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ ඇප බලපත්‍ර ගාස්තු 100%කින් වැඩිකර ඇති බවයි.

බලපත්‍රලාභීන් සදහා ආරක්ෂිත ඇප තැන්පතුවක් පැවතීම අනිවාර්යය බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මත්පැන් කර්මාන්තය සදහා ප්‍රවේශවන නව ව්‍යාපාරිකයින් සදහා නව කර්මාන්ත ප්‍රවේශ ගාස්තුවක් අයකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top