සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී වෙනසක් සිදුකරමින් තරුණයන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඊයේ (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී නවක සාමාජිකයන් ලෙස චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන තරුණ දේශපාලන නියෝජිතයන් රැසක් පත් කර ඇත.
මෙම පිරිස ඊයේ පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිය පත්වීමේ ලිපි ලබා ගත් අතර එම අවස්ථාවට සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියේය.









