/ Jan 23, 2026

මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට දින නියම වෙයි!

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියෝග කළේය.

මෙම අභියාචනා පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා මාර්තු මස 9 වනද කැඳවන බවයි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට හිටපු ඇමතිවරුන් දෙදෙනා වරදකරු කර තිබේ. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දුට වැඩි සහිත වසර 25 ක සිර දඬුවම් නියම විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top