/ Jan 23, 2026

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ 23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සුදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඒ සඳහා විපක්ෂය සුදානම් නොමැති නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂ බවයි. ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සුදානම් නොමැති බවත් ඔහු පවසන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top