නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.
යුක්තිය අපේක්ෂා කරන පොදු මහජනතාවගේ විරෝධය ලෙස එය දක්වා තිබුණි.
දුෂිත නීතිපතිට එරෙහිව සියලු මහජනතාව එක්විය යුතු බවට විරෝධතාවට එක්වූවන් එහිදී අවධාරණය කරන ලදී
ඇතැම් නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වෙමින් පවතින අතර ඔහු වහාම එම ධූරයෙන් ඉවත්විය යුතු බවට ද විරෝධතාකරුවන් පැවසීය.
නීතිඥයින්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියහ.









