/ Feb 06, 2026

ඉන්දියාව රුසියාව අතහරිද්දී ඇමරිකාවෙන් බදු සහන සමඟ වෙළෙඳ එකඟතාවක්!

ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය නතර කිරීමේ තීරණයෙන් පසු අමරිකාව විසින් ඉන්දියාව වෙත තීරු බදු සහනයක් ලබා දී තිබේ.

ඉන්දීය වාර්තා අනුව අමරිඅකව ඉන්දීය භාණ්ඩ මත තීරු බදු පැනවීමෙන් පසු විශේෂයෙන් තෙල් ආනයනයේදී ඔවුන් රුසියාව සමඟ ගණුදෙනු කර ඇති අතර දෛනිකව තෙල් බැරල් මිලියන 1.5ක් පමණ ආනයනය කර තිබේ.

ඒ අනුව රුසියානු තෙල් ඉන්දියාවේ සමස්ත ආනයනවලින් තුනෙන් එකකට වඩා වැඩි බව දැක්වෙයි.

කෙසේනමුත් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි විසින් රුසියානු තෙල් මිලදී ගැනීම නතර කර ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දියානු භාණ්ඩ සඳහා වන එක්සත් ජනපද තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ(02) දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති දුරකථන සංවාදයකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණි. ‘අගමැති මෝදි කෙරෙහි ඇති මිත්‍රත්වය සහ ගෞරවය සහ ඔහුගේ ඉල්ලීම පරිදි, වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමකට එකඟ වූ බවත්, ඩොලර් බිලියන 500 කට වඩා වටිනා ඇමරිකානු බලශක්ති, තාක්‍ෂණය, කෘෂිකාර්මික සහ අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාව සුදානම් බවත් එහි සඳහන් කර තිබිණ.

ඉන්දීය වාර්තා අනුව නම් වෙනිසියුලාව නිෂ්පාදනය කරන ප්‍රමාණයටත් වඩා ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය කරයි.

රුසියානු තෙල් සඳහා ඉන්දියාවේ අවශ්‍යතාවය මත ඉන්දියානු රජයේ නිලධාරීන් මීට පෙර රුසියානු තෙල් මිලදී ගැනීම ආරක්ෂා කර ඇති අතර එය රටේ බලශක්ති ආරක්ෂාවට අත්‍යවශ්‍ය යැයි කියති. ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම තෙල් පාරිභෝගිකයා වන අතර රුසියාව ඉතා සමීප විකුණුම්කරුවෙකි. ලොව විශාලතම ජනගහනයෙන් පෝෂණය වන එහි වේගයෙන් වර්ධනය වන ආර්ථිකයට සහාය වීම සඳහා ඉන්දියාව එහි බොරතෙල් මත විශ්වාසය තබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top