/ Feb 18, 2026

ස්වාධීන කාන්තා කොමිසම ඇමතිවරියගේ අතකොලුවක් බවට පත් කරලා – විපක්ෂ නායකගෙන් චෝදනා!

ඇමතිවරිය කුමක් කීවද කාන්තා කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය රමණි ජයසුන්දර ඉල්ලා අස්වීමට හේතුව වන්නේ කාන්තා කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ස්වාධීන ස්ථානයක් වෙන් කර ගැනීමටත් තමන්ගේම කාර්ය මණ්ඩලයක් පත් කර ගැනීමට ප්‍රතිපාදන නොමැති වීමත් රජයේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කිරීමත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඊට අමතරව කාන්තා කොමිසමේ සභාපතිවරියට ජනාධිපති ලේකම්වරයා හමුවීමට අවස්ථාවක් නොමැති වීම ඇතුළු ගැටලු රැසක් ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

මෙම කරුණු ගැන කියද්දි බිමල් රත්නායක පාර්ලිමේන්තුවට නුසුදුසු වචනවලින් කතා කරමින් සිටි බවත් මෙහි ගැටලු රැසක් පැවතීමත් ස්වාධීන කොමිෂන් සභා වෙනමම විෂයන් ලෙස ඒකක ලෙස ක්‍රියාත්මක වුවත් මේ කාන්තා කොමිසමට බලපෑම් එල්ල වන බවත් මේ කරුණු සියල්ල නිවැරදිව ඉදිරිපත් කර සිටියදී සභානායකවරයා විසින් විපක්ෂයේ කටවල් වැසීමට හදන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

2025 ජනවාරි මාසයේ දී කාන්තා කොමිසමට අවශ්‍ය නම් කාන්තා සංසදය යවා ඇති බවත් ජිනිවාවල කාන්තාවන්ට වෙනස්ව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රඥප්තිය කේන්ද්‍ර කර ගත් සම්මන්ත්‍රණයේදී කාන්තා කටයුතු අමාත්‍යවරිය විසින් කාන්තා කොමිසමේ කාර්ය සදහා සියලු කටයුතු සූදානම් යැයි කිව්වත් අද ඒ සදහා ප්‍රතිපාදන නැති බවට විෂයභාර අමාත්‍යවරිය කියන බවයි ප්‍රේමදාස මහතා කියා සිටියේ.

මුදල් වෙන් කිරීමේ දී යම් මගහැරීමක් සිදුවුවත් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මුදල් වෙන් කළ හැකි වුවත් එයද නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේ හඩ නැගූ පසු මිලියන 50ක් දීමට යෝජනා වී ඇති නමුත් එය ඉල්ලා සිටි ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් බවත් කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කළ ඡන්ද පොරොන්දු දුන් මේ රජය දැන් දෙන ප්‍රතිපාදනවලින් පවා කප්පාදු කරන බවද විපක්ෂ නායකයා චෝදනා කරන ලදී.

මේ රජයට සහාය දුන්න කාන්තාවන්ටත් මෙය අපහාසයක් බවත් මේ රජය කාන්තාවන්ගේ වරම අරගෙන කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතට ස්වාධීන කාන්තා කොමිසම ගෙන එය වහලෙක් බවට අතකොලුවක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top