/ Oct 25, 2026

තවමත් කිලෝ ගණනින් හමුවෙන මත්ද්‍රව්‍ය!

මාතර, තලල්ල වෙරළ තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 500 ට අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

මාතර – තලල්ල වෙරළ තීරයෙන් උර 10 ක සහ ගමන් මලු 11 ක තිබී හමුවූ මත්ද්‍රව්‍ය තොගය අයිස් සහ හෙරොයින් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තහවුරු කරගෙන ඇත.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ කරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුමකින් ඩිංගි යාත්‍රාවකින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයක් ඊයේ (24) අලුයම මාතර – තලල්ල වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබුණි.

මේ අතර රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටාන – ගිරිඋල්ල පාරේ, සමෘද්ධි මාවත ප්‍රදේශයේදී සිදු කරන ලද විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top