/ Feb 19, 2026

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

අද(19)දින දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් වෙත සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් වරදකරු බවට තීන්දු කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

2024 දෙසැම්බර් 3 වන දින රටතුල හදිසි යුධ නිතිය පැනවීම හා කැරැල්ලක් සංවිධානය කිරීමට නායකත්වය දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වූ අතර ඒආ නුව ඔහු ඊට වරදකරු වී තිබේ.

යූන්ගේ හමුදා නීති නියෝගය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වූ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං හ්යුන් යූන්හට වසර 30 ක සිර දඬුවමක් හා හිටපු හමුදා සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වෙනුවෙන් දඬුවම් නියම අකර ඇත.

2024 වසරේ යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දෝෂාභියෝගයට ලක් කර ධුරයෙන් ඉවත් කරන ලද 65 හැවිරිදි යූන්, අධිකරණයේ පෙනී සිටින කාලය පුරාම ඔහුගේ නිර්දෝෂීභාවය පවත්වා ගෙන ගොස් ඇති අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top