/ Feb 23, 2026

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට!

අද (23) සිට ගෘහස්ත ගෑස් පරිභෝජනය වෙනුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළෙඳපොළට නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසීය.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවයි එම සමාගම සදහන් කළේ.

මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.

පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙ‍ෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ලවූ නමුත් එම තත්ත්වය යථාවත් කිරීමට ලිට්‍රෝ සමාගම මදිහත්වී තිබුණි.

අවශ්‍ය පරිදි තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එම ගෑස් නෞකා මෙරටට පැමිණීමට නියමිත බවද එම සමාගම පවසන ලදී.

ලාෆ් ගෑස් හිඟයට පිළියමක් ලෙසද එම පාරිභෝගිකයින් පිළිබඳවද සලකා බලා එළඹෙන මාර්තු 12 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමටද නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top