/ Feb 27, 2026

සදාකාලික වේදනාවක් ඉතුරු කළ නෙළුම්මල ගමේ තෙමස් පූර්ණ දානමය පිංකමට ජනපතිත් එක්වෙයි!

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්ලෙගලදෙබොක්කා ග්‍රාමසේවා වසමේ නෙළුම්මල ගම්මානයේ සිදු වූ නාය යෑමෙන් මිය ගිය අය සිහිපත් කරමින් අද (27) පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මය පැවැත්විණි.

ඒ සඳහා ජනාධිපති අනුර කුඅම්ර දිසානායක ද එක්විය.

මෙම දරුණුතම ස්වභාවික ව්‍යසනය හමුවේ අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත්, පීඩාවට පත් සියලු ජනතාව වෙනුවෙන් උපරිම සහන සලසමින් එම ජනතාවට තිබුණාට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

දානමය පුණ්‍යකර්මයට සහභාගි වීමෙන් අනතුරුව මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් සමඟ කෙටි කතාබහක නිරත වීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top