ආණ්ඩුව විසින් ප්‍රසම්පාදනය කර තිබෙන 10 වැනි ගල් අඟුරු නැවත නිසි ප්‍රමිතියෙන් තොර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ පාරිභෝගික අයිතිය සුරක්ෂා කිරීම වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ඉටු කරන බවත් දිගින් දිගටම මේ ගල් අගුරු ප්‍රමිතියෙන් තොර යැයි කියද්දිත් 10 වැනි නැවේ ගල් අගුරුත් ප්‍රමිතියෙන් තොර බවට අද (18) අනාවරණය වූ බවත් ඔහු සඳහන් කරයි.
පද්ධති පාලන ඒකක වාර්තා අනුව විදුලි බල මණ්ඩල හා මහජන උපයෝගීතා කොමිසමේ වාර්තා අනුව 9 සහ 10 නැව් දෙකේම ගල් අගුරු බාල අතර මෙගාවොට් 300ක් නිපදවිය යුතු තැන මෙගාවොට් 263ක් පළමු යුනිට් එකෙන් නිපදවන විට තුන් වැනි යුනිට් එක ද මෙගවොට් 275ක් පමණක් නිපදවන බව හෙතෙම කියාසිටියි.
මේ තුළින් මේ ගල් අගුරු බාල බවට පැහැදිලි බවත් දෙවැනි ඒකකයේ ඇත්තේ රුසියනු ගල් අගුරු නිසා හරියට මෙගවොට් 300 නිපදවන බවත් ඒ අනුව සමගි ජන බලවේගය දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණු ඇත්ත බවට පෙනී යන බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියි.
තත්ත්වය මෙසේ තිබියදී නොරොච්චෝල බලගාරයේ වාර්තා ගැන රජය අවධානය යොමු නොකරන බවයි විපක්ෂ නායකයා චෝදනා කරන්න.
කෙසේවෙතත් අගුරු වංචාවට රජය සෘජුවම වගකිව යුතු බවත් අදටත් රටට ගෙන එන්නේ බාල ගල් අගුරු බවත් මේවාට හේතු ඉදිරිපත් කළ යුතු බවත් මෙහි වාසිය යන්නේ ඉන්ධන මාෆියාවට බවත් ඔහු වැඩිදුරටත් පවසයි.





