/ Mar 02, 2026

ගල්ෆ් කලාපයේ දෙවන දිනටත් යුද ගිනි ඇවිලෙයි. ඉරානය තවදුරටත් දැඩි ස්ථාවරයක!

ඉරාන ප්‍රහාර අඛණ්ඩව දෙවන දිනටත් ගල්ෆ් කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඩුබායි, දෝහා, මනාමා සහ ඕමානයේ ඩක්ම් වරායේ ප්‍රහාර වාර්තා වී ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර තිබුණේ, ඕමානයේ සිදු වූ දේ අපගේ තේරීමක් නොවන බවත්, මෙය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් අප මත පටවන ලද යුද්ධයක් හෙයින් කලාපයේ සිදුවෙමින් පවතින දේ අපගේ වරදක් නොවන බවත්, එය අපගේ තේරීමක් නොවන බවත් ඔවුන් තේරුම් ගනීවායි මම ප්‍රාර්ථනා කරන බවයි.

මෙම කිසිදු ප්‍රහාරයක් වෙනුවෙන් සමාව ඇයද නොසිටි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගල්ෆ් හවුල්කරුවන් මෙම යුද්ධය නැවැත්වීමට අපට බලපෑම් නොකළ යුතු බවත්, ඔවුන් අනෙක් පැත්තට බලපෑම් කළ යුතු බවත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top