ලෙබනනයේ නගර රැසක ජනතාවට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායාලය දැනුම්දී තිබෙන අතර ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක සිටින ජනතාවට මෙලෙස ඉවත්වීම සඳහා ඊශ්‍රායාලය දැනුම් දී තිබේ.
ඉවත්වන ලෙස දැනුම්දීම සිදුකරමින් ඊශ්‍රායාලය පවසා ඇත්තේ අදාළ නගරවලින් අවම වශයෙන් මීටර් 1,000ක් හෝ දුරින් සිටින ලෙසයි.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය සහ කමේනි ඝාතනයත් සමගින් හිස්බුල්ලා සංවිධානය ඊට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය දෙසට මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කිරීමෙන් පසු ඊශ්‍රායාලය හිස්බුල්ලා පාලනයේ පවතින ටේරුට් හී දකුණු තදාසන්න ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාරද එල්ල කරනු ලැබීය.
ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායාලය පවසා ඇත්තේ සිය ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම සතුරෙකුට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.





