/ Mar 03, 2026

යෞවනියගේ මළ සිරුර රෝහලේදී දූෂණය කළැයි විරෝධතා!

සිය දිවි නසා ගැන්මකින් මිය ගිය 23 හැවිරිදි යුවතියකගේ මළ සිරුර රෝහල් සේවකයන් තිදෙනෙකු විසින් දූෂණය කළ බවත්, ඒ ගැන ක්‍රියාමාර්ග නොගන්නා බවත් කියමින් හැටන් වතු කම්කරුවන් පිරිසක් දික්ඔය මුලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ (03) දින උදෑසන උද්ඝෝෂණයක් සිදු කරනු ලැබීය.

හැටන් පොලිස් වසමට අයත් ඇබෝස්ලි වතුයායේ පදිංචිව සිටි එස්.හරිනි නැමති 23 හැවිරිදි කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන්  (23) දින සිය දිවි හානි කර ගැනිමෙන් පසු හැටන් පොලිසියේ නිළධාරින් ඒ පිලිබද විධිමත් පරික්ෂණයක් පවත්වා සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණි.

එදින අලුයම මෘත ශරීරාගාරයට ඇතුලු වූ එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු මෘත ශරීරාගාරය වෙත ගොස් එහි ඉබි යතුරු කඩා මෘත ශරීරයේ තිබු ඇදුම් ගලවා ඇති බවට එම රෝහලේ මෘත ශරීරාගාරයේ භාර කරු විසින් දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇත.

විරෝධතා පැන නැගී ඇත්තේ මේ සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කියමිනුයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී පැමිණි, දික්ඔය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්. ෆසීල් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් විගසම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු (24) දින අලුයම මෘත ශරීරාගාරය වෙත ගොස් පැමිණෙන අයුරු දත්ත ගබඩාවේ සටහන් වී තිබු බවයි.

මේ සම්බන්ධයෙන් රෝහල විසින් විමර්ශනයක් පවත්වන බව පැවසුවත් උද්ඝෝෂකයන් කියා සිටියේ තමන්ට එය විශ්වාස නැති බවත්, පොලිසිය විසින් විමර්ශන සිදු කළ යුතු බවත් ය. කෙසේ වෙතත් එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා විසින් තමන් පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවට උද්ඝෝෂකයන්ට පොරොන්දු වූයේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top