/ Mar 03, 2026

ගල්ෆ් යුද්ධය අපට සතියකට ඩොලර් මිලියන ගණනින් පාඩුවක් හදලා!

මැදපෙරදිග ඇති වූ යුදමය වාතාවරණය හේතුවෙන් මාර්තු මාසයේ දී බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කයන් සපුරාගැනීමට නොහැකි වන අතර යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග හරහා ඇති ගුවන් කලාපය වසා දමා තිබීම මත ශ්‍රී ලංකාවේ සතියකට සංචාරක කර්මාන්තයට අදාළව ඩොලර් මිලියන 10ක 12ක පාඩුවක් සිදුවන බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක වෙළෙඳපොළ වන්නේ ඉන්දියාව බවත් ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ පැමිණිමට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම යුරෝපා රටවල් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හරහා සෘජුවම ගුවන් ගමන් ඇරඹීමට මේ වන විට කටයුුතු යොදා ඇති බැවින් ඉදිරියේදී යුරෝපයෙන් පැමිණෙන සංචාරකයින්ට කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නැවත පිටත්ව යාමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

“මාර්තු මාසේ තමයි අපි ඉතිහාසයේ වැඩිම ලක්ෂ 3ක් වැනි සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් යම් අඩුවීමක් තියෙනවා. යුරෝපාකරයෙන් සංචාරකයින් පැමිණෙන්නේ මැදපෙරදිග හරහා. ඉතින් ඩුබායි, අබුඩාබි, කාටර් වැනි ගුවන්තොටුපොළවල් වසා දැමීමත් එක්ක අඩුවක් තියෙනවා. නමුත් වැඩිම වෙළෙඳපොළ අපේ ඉන්දියාව නිසා අපේ විශාලම වෙළෙඳපොළට ගැටලුවක් නෑ. එවගේම චීනය, ඔස්ට්‍රේලියාව,නවසීලන්නය, අමෙරිකාව මේ වගේ රටවලින් පැමිණෙන සංචාරකයින් සාමාන්‍ය ලෙස පැමිණෙනවා. යුරෝපයටත් සෘජු ගුවන් ගමන් දැන් ශ්‍රී ලන්කන් ආරම්භ කරලා තියෙනවා අනෙකුත් ගුවන් මාර්ග හරහා. ඒ අනුව එහෙන් පැමිණෙන අයටත් මෙහෙන් යන්න ඉන්න අයටත් යම් පහසුවක් අපි සලසල තියෙනවා ශ්‍රී ලන්කන් හරහා. තවමක් ඉතිහාඩ්, කටාර් වැනි ගුවන් සමාගම් සිය මෙහෙයුම් ආරම්භ කරලා නෑ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top