/ Mar 04, 2026

ඉරාන නෞකාවේ සිටි 180ක් බේරා ගැනේ : 30ක් රෝහලට!

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගිලෙමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි පිරිස බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව සමත්ව ඇතැයි වාර්තා වේ.

මෙම නෞකාවේ 180ක පමණ මගී පිරිසක් සිට ඇති අතර ඉන් 30 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ අතර, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top