/ Mar 04, 2026

බ්‍රිතාන්‍යට සහ ස්පාඤ්ඤයට ට්‍රම්ප්ගෙන් දොස්.බලහත්කාරය යොදමින් බලය අනිසි ලෙස යොදවන්න එපා. චීනයෙන් ඊශ්‍රායලයට ඉල්ලීමක්!

මැදපරෙදිග යුද්ධයේදී බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විවේචනයට ලක් කර තිබේ.

“ස්පාඤ්ඤය කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ. බ්‍රිතාන්‍යයත් එහෙමයි. බ්‍රිතාන්‍යයන්ගේ තත්ත්වය ඊටත් වඩා සවුත්තුයි. මේ චර්චිල්ගේ කාලය නෙමෙයි. බ්‍රිතාන්‍යය කිසිම සහයක් දැක්වූයේ නැහැ”

ධවල මන්දිරය වෙත පැමිණි ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් සමඟ මාධ්‍ය හමුවකට එක් වෙමින් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ, යම් හෙයකින් තමන් ඉරානයට පහරදීම ප්‍රමාද වූවා නම් ඔවුන් අමෙරිකාවට පහරදීමට සැරසී සිටි බවයි.

මේ අතර, ඉරානය තමන් සමඟ සාකච්ඡාවට සූදානම් නමුත් දැන් ඊට ප්‍රමාද වැඩි බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

“ඉරානය සමඟ සාකච්ඡා කරමින් හිටියේ. අපි මුලින්ම පහරදිය යුතු බව මගේ අදහසක්. ඔවුන් අපිට පහරදෙන්න හිටියෙ. අපි එහෙම පහර නොදුන්නා නම් ඔවුන් කලින් පහර දෙන්න හිටියේ. මට ඒ බව හොඳටම දැනුණා. අපි අතර පැවති සාකච්ඡා අනුව මට හිතුණේ ඔවුන් පළමුව පහරදීමට සැරසෙන බවක්. මට එහෙම වෙන්න තියන්න බැහැනේ. අලුතින් පත්වෙන නායකයා කලින් කෙනාටත් වඩා නරක කෙනෙක් වුණොත්? එහෙම වෙනවට මම කැමති නැහැ. අපි ඉරාන වැසියන් කරන දේ බලමු. ඔවුන්ට අවස්ථාවක් ලැබුණා. තාම එළියට ගිහින් විරෝධතා තියන්න එපා කියලා අපි ඔවුන්ට කියලා තියෙන්නේ. තාම එළිය හරිම භයානයකයි” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

මේ ඇත ඇමරිකාවට සහය දෙමින් ඉරානය වෙත පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය වෙත චීනය සිය අප්‍රසාදය පළකර තිබේ.

බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකි බවත්, ඉන් සිදු වන්නේ නව ගැටලු ඇති වීම සහ බරපතළ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වීම පමණක් බවත් චීනය ඊශ්‍රායලය වෙත පවසා ඇත.

එබැවින් ගැටුම් තවදුරටත් උත්සන්න වීම සහ පාලනයෙන් පිටතට යාම වැළැක්වීම සඳහා හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙස චීනය ඉල්ලා තිබේ.

ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Saar සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වං යී මේ බව සඳහන් කර තිබේ.

ගෝලීය රාජ්‍යයන් සිය ජාත්‍යන්තර සබඳතා තුළ බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් හෝ එවැනි භාවිතයන්ට අදාළ තර්ජන කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද චීනය අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top