මතුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබේ.
එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර නිවාසට පමණක් හානිවී ඇති බවයි මතුගම පොලිසිය ප්‍රකාශ කළේ.
වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (05) අලුයම 3 ට පමණය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.





