ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කරන අතර ඒ වෙනුවෙන් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව ලංකා IOC සමාගම පවසයි.
එම සමාගමයේ කළමණාකාර අධ්‍යක්ෂ කේ. රගු පවසන්නේ, “ලංකා IOC සමාගමයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මට ජනතාවට කියන්න තියෙන්නේ අපි ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව. රටට ඉතා වැදගත් වන බලශක්ති සුරක්ෂිතතාව අපි සහතික කරනවා. පවතින තත්ත්වය ඉතා යහපත් කියලා මම කියන්නේ නෑ. නමුත් රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ලංකා IOC ආයතනය සහ රජය තම උපරිමය ඉටු කරමින් සිටිනවා.” යනුවෙනි.





