රට භාර ගන්නා විට පැවති අර්බුදකාරී තත්ත්වය වෙනස් කර, ස්ථාවර ආර්ථිකයක සිට පරිවර්තනීය ආර්ථිකයක් කරා රට ගෙනයාමට අවශ්‍ය ආයෝජන 2027 අයවැය මගින් ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ 2027 අයවැය විවාදයට එක්වෙමිනි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රාග්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් 2027 වසර සඳහා රුපියල් බිලියන 749 කට අධික මුදලක් වෙන් කර ඇති බව ඇය කියාසිටියාය.
එය සමස්ත රාජ්‍ය වියදමින් සියයට 12 කට වඩා වැඩි ප්‍රමාණයක් බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන ලදී.
අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, මේ වන විට පාසල් 4,570 කට අධික ප්‍රමාණයකට ස්මාර්ට් පුවරු සහ පාසල් 6,000 කට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති බවයි සඳහන් කළේ.
එමෙන්ම, වසර 17 ක් තිස්සේ වෙනස් නොකළ ජාතික විද්‍යාපීඨ විෂයමාලාවන් මේ වන විට යාවත්කාලීන කරමින් පවතින බවත්, මහරගම විද්‍යාපීඨය ඇතුළු තවත් විද්‍යාපීඨ පහක ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කර ගුරු පුහුණුව සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන ලදී.
2025 වසරේදී විදේශ සෘජු ආයෝජන (FDI) වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර 2016 සිට 2025 දක්වා පසුගිය දශකය තුළ ලැබී ඇති දත්ත පෙන්වා දෙමින් 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක පමණ විදේශ සෘජු ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එය පසුගිය අවුරුදු දහය තුළ වාර්තා වූ ඉහළම FDI ප්‍රමාණය බවත් ඇය ප්‍රකාශ කළාය.
පසුගිය වසර දෙක තුළ රජය ලබා ඇති ආර්ථික ප්‍රගතිය සංඛ්‍යාලේඛන හරහා පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය 2025 වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වී ඇති බව සඳහන් කළාය.
2025 වසරේදී ධන ප්‍රාථමික ශේෂයක් වාර්තා කිරීමට හැකි වූ අතර, 2026 අයවැයට අනුව අපේක්ෂිත ධන ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 360 ක් වුවද සැප්තැම්බර් මාසය අවසන් වන විට එය රුපියල් බිලියන 1,844 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් 2022 වසර අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114 ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2025 වසර අවසන් වන විට සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ
2022 වසරේදී රුපියල් බිලියන 74.6 ක සමස්ත ශුද්ධ අලාභයක් වාර්තා කළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52 ක් අද වන විට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය සමත්ව ඇති බවයි.
ලෝක ආර්ථික සංසදය විසින් සංචාරක ආර්ථිකයන් වේගවත් ලෙස දියුණු වන රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පත් කර ඇති බවද ප්‍රකාශ කළාය.
රාජ්‍ය සේවය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව, සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ආරම්භ කර ඇති බව පැවසුවේය.
2017 න් පසු ඇනහිට තිබූ එම ක්‍රියාවලිය යටතේ දැනටමත් සේවකයන් 40,000 කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අතර, රාජ්‍ය සේවකයන්ට දේශපාලන බලපෑම්වලින් තොරව, කොන්ද කෙළින් තබාගෙන අභිමානයෙන් වැඩ කළ හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය කර දී ඇති බවද පැවසීය.
අවසාන වශයෙන්, විවේචන සිදු විය යුත්තේ කරුණු සහ දත්ත මත පදනම් වූ බුද්ධිමත් සංවාදයක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පක්ෂ භේද පසෙකලා රට ගොඩනැගීමේ ජාතික මෙහෙයුමට එකතු වන ලෙස සියලු දෙනාට ආරාධනා කරණ ලදී.





