/ Nov 13, 2026

අයවැයෙන් පස්සේ වාහන මිලට වෙන දේ!

අයවැය තුළින් වාහන ආනයනය සඳහා සහනයක් නොලැබුණු බැවින් වාහන මිල ගණන් අඩුවීමක් නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ පවසන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එළැඹෙන වසරේ අයවැය තුළින් වාහන ආනයනය සඳහා යම් සහනයක් සිය සංගමය බලාපොරොත්තු වූ නමුත් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් නොලැබීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවීමක් සිදු නොවනු ඇති බවයි.

කෙසේවෙතත් වාහන ආනයනය සඳහා සහනයක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න සිය සංගමය විසින් මුදල් අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළ බවද ඔහු සඳහන් කරයි.

“අපි බලාගෙන හිටියා මේ සැරේ අයවැයෙන්වත් අපිට සහනයක් දෙයිද කියලා. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල කඩ කරමින් කිසිම වෙනසක් කරලා නෑ වාහන ආනයන බදු ප්‍රතිපත්තියේ. ඒ පනවපු බදු, ඒ පනවපු අධිභාර දිගටම පවත්වාගෙන යනවා කියන එක තමයි නැවතත් ප්‍රකාශ කළේ. අපි මුදල් අමාත්‍යාංශයෙනුත් ඇහුවා ඇයි අපිට කිසිම සහනයක් දෙන්නේ නැත්තේ කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වේ මේ වෙලාවේ තියෙන ඩොලර් පිළිබඳ ප්‍රශ්නයත්, මැදපෙරදිග තියෙන යුදමය තත්ත්වය නිසාත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය මත වාහන ආනයනයත් ලොකු දෙයක් නෙමෙයිද කියන එක තමයි අපෙන් ඇහුවේ. ඇත්තටම ගොඩදෙනෙක් වාහනයක් ගන්න වුවමනාවක් තියෙන අයත් බලාගෙන හිටියා වාහනයක් නොගෙන මේ බජට් එක වෙනකන්. නමුත් අපි හිතුවා ඒ කස්ටමර්ස්ලා ඇවිල්ලා වාහනයක් ගනී කියලා. මමත් දන්න ගොඩදෙනෙක් හිටියා වාහනයක් ගන්න එක නවත්වලා මේ බජට් එකෙන් සහනයක් දෙයි කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා කිසිම වෙනසක් නෑ කියල. තාම ඉතිං වෙනසක් කරලා නැති නිසා කිසිම විදිහකින් අඩුවීමක් වෙන්නේ නෑ.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top