/ Apr 02, 2026

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිටත් චෝදනා!

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්,ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් අර යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වගේමයි.පොකට් ගහන එක්කෙනා පික්පොකට් එක ගහලා මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා දුවනවා.ඉතින් ගමේ හැමෝම විදිහේ හැමෝම පික්පොකට් කාරයා පස්සේ දුවනවා හොරා අල්ලන්න.බලද්දී පික්පොකට් එක ගහලා තියෙන්නේ අනිත් කෙනාට හොරා කියපු කෙනා.මේ අණ්ඩුවත් අන්න එහෙම තමයි. අපි හැමෝම දකිනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.ජනාධිපතිවරයාගේ හැම ප්‍රකාශයක්ම ජනාධිපතිවරයාගේ හැසිරෙන විදිය බැලුවම සහ ඔවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගන්න හැම ක්‍රියා කලාපයක්ම බැලුවම පැහැදිලි වෙනවා මේ රටේ විධායක ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නවා.මොකද ඔය කියන පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති කාලයේ අමාත්‍යාංශයට ගේන්නේ.ඉතින් ඒ ගෙනල්ලා පහු කාලීනව ඔහුට දැන් අධි චෝදනත් ලැබිලා තියෙනවා කරපු වංචාවක් සම්බන්ධයෙන්.ඒ හා සමාන වංචාවක් දැන් ගල් අඟුරු ගෙනල්ලත් සිද්ධ කරලා තියෙනවා.ඉතින් කලින් ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොට රජයේ ඉහළ තනතුරකට පත් කරලා පහු කාලීනව අධි චෝදනාවත් ලැබිලා දැන් ඔහුව කැබිනට් ඇමතිවරයෙක් කරලා බාල ගල් අඟුරු ගෙනල්ලා තවදුරටත් ඔහුව ආරක්ෂා කරනවා නම් ජනාධිපතිවරයාට මේක බැලූ බැල්මට වංචාවක් ලෙස පේන්නේ නැත්නම් පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top