/ Apr 21, 2026

ම්ලේච්ඡ පාස්කු දින ප්‍රහාරයට වසර 7 යි : දිවයින පුරා ආගමික වතාවත්!

2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, මෙරට ඉතිහාසයේ සිදු වූ අතිශය විනාශකාරී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර අද (21) දිනට වසර 7ක් සම්පූර්ණ වේ.

සහරාන් හෂීම් ඇතුළු දේශීය අන්තවාදී කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාරයෙන් දේශීය හා විදේශීය සිවිල් වැසියන් 260කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ. කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මෙම බෝම්බ පිපිරීම් හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වූ අතර, පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ දේශපාලන අධිකාරිය දැඩි විවේචනයට ලක් විය. මෙය සමාජීය සහ ආගමික සහජීවනයට විශාල තර්ජනයක් එල්ල කළ අතර, ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වූ නීතිමය විමර්ශන අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සිදුවීම ස්මර්ණය කරමින් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර, මඩකලපු සියොන් දෙව් මැඳුර යන ස්ථානවලදී දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතයි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ දේව මෙහෙය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top