/ Apr 21, 2026

NDB වංචාවට ගන්නා පියවර මහබැංකුව කියයි!

ජාතික සංවර්ධන බැංකුවේ සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 14කට ආසන්න මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතනයක් සම්බන්ධ කරගෙන පුළුල් වෝහාරික අභ්‍යන්තර විගණනයක් පැවැත්වීමට මහබැංකුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මහබැංකුව මේ සම්බන්ධයෙන් දෛනික විමර්ශනයක යෙදෙන බවත්, වංචාව සිදු වූ කාලය තුළ අභ්‍යන්තර පාලනය, අධීක්ෂණය ආදිය නියමිත ක්‍රමවේදවලින් බැහැරව සිදුව තිබේද යන්නත් උක්ත විමර්ශනයේදී සොයා බලනු ඇති.

ඒ අතර තැන්පත්කරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සහ මූල්‍ය ස්ථායිතාව සම්බන්ධයෙන් පියවර ගැනීමටද මහබැංකුව සූදානම්ව සිටින බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top