/ Apr 21, 2026

බලපත් රහිත ගිනි අවියෙන් චණ්ඩි පාට් දැමූ හිටපු ඇමැති ප්‍රේමලාල් අත්අඩංගුවට!

හිටපු අමාත්‍යවරයෙකු සේ ම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ප්‍රේමලාල් ජයසේකර බලපත්‍ර රහිත ගිනිඅවියක් ළඟ තබා ගෙන සිටීමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සිදු කර ඇත. හිටපු ඇමැතිවරයා පවුලේ ඥාතීන් සමග නුවරඑලිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් සමග ඇති වුයේ යැයි කියන බහින් බස්වීමක් දුරදිග යෑමේන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්.

හිටපු ඇමැතිවරයා සතුව තිබු පිස්තෝලය 2025 වසරෙන් පසුව බලපත්‍ර ලබා ගෙන නොමැති එකක් බව අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top