/ Feb 05, 2025

මහ සමන් දේවාල බස්නායක නිලමේ තනතුරට අධිකරණ නියෝගයක්

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එමෙන්ම ලබන 11 වෙනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් නව රජය මෙම පත්වීම කෙරෙහි මැදිහත් වූ බව කියමින් කපු මහත්වරුන් පසුගිය දිනවල වර්ජනයකද නිරත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top