/ Mar 12, 2025

පවුල් ආරවුල දුරදිග ගිහින් බිරිඳගේ ගෙල කපා මරා දමලා!

ස්වාමිපුරුෂයෙකු විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වාද්දුව වේරගම පදිංචිව සිටි ඉෂාර නිශාදිනී සල්ගාදු නම් 29 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ.

ඇයට මාස 6ක් සහ අවුරුදු 03ක මෙන්ම අවුරුදු 6ක දරුවන් තිදෙනෙකු සිටින අතර අඹු සැමියන් අතර ඇති වූ ආරවුලක් මත සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයද පොලීසිය විසින් සොයාගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top