/ Mar 12, 2025

ක්‍රිෂ් ගින්නට හේතුව හෙළිවෙයි

කොළඹ කොටුවේ පිහිටි දැනට ඉදිකිරීම් නවතා දමා තිබෙන’ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම හේතුවෙන් මෙම ගිනිගැනීම් සිදු වන බවයි.

ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා ඇත.

‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර ඊයේ (7) පස්වරුවේ 24වන මහලේ ද ගින්නක් ඇතිවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top