/ May 13, 2026

ශ්‍රම අධ්‍යයන ආයතනය අවුරුදු 18ක් හාල් ගරලා!

කම්කරු අණ පණත් හා නීතිරීති ගැන ශ්‍රම බළකාය දැනුවත් කිරීමේ අරමුණෙන් පිහිටුවා ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය පුස්තකාල සහ තොරතුරු සැපයීමේ සේවා පිහිටුවීම හා ඒවා නඩත්තු කිරීම සිදුකළ යුතු වුවද 2025 මාර්තු දක්වා එවැනි තොරතුරු සැපයීමේ සේවා ක්‍රියාත්මක කර නැතැයි විගණකාධිපති කාර්යාලය පවසයි.

තවද ඊට අදාළ වෙබ් අඩවි ප්‍රතිනිර්මාණ කටයුතු ද අවසන් කර නොතිබුණු බව ද 2024 වාර්ෂික වාර්තාවේ නිරීක්ෂණවල දැක්වේ.

සමාන අරමුණු සහිත ජාතික හා විදේශීය ආයතන සංවිධාන සංගම් සහ සමිති සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සිදුකළ යුතු වුවද අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ කාර්යය අවසන් වී නොතිබුණු බව ද එහි සඳහන් වේ.

කර්තව්‍ය ඉටුකිරීමේ කාර්යය සඳහා අවශ්‍ය තාක්ෂණ කමිටු යම් සංඛ්‍යාවක් මණ්ඩලය විසින් පත්කරනු ලැබිය හැකි වුවද ආයතනය පිහිටුවා වසර විසි හතරකට අධික කාලයක් ගතවී තිබුණද එවැනි කමිටු පත් කිරීමේ හැකියාවද ප්‍රවර්ධනය කර නැත.

2024 වර්ෂයේ දෙසැම්බර් පවත්වන ලද ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ඇස්තමේන්තුගත ආදායම වියදම හා සත්‍ය ආදායම හා වියදම අතර සැලකිය යුතු විචල්‍යතාවයක් තිබුණු අතර ඇස්තමේන්තු සකස් කිරීම නිවැරදි පාලන ක්‍රමවේදයක් අනුව සිදුවී නොතිබුණු බවට ද ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයට චෝදනා එල්ල වී තිබේ.

මානෙල් ඇන්තනී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top