/ May 13, 2026

හොරා අල්ලන ගිය පීසීගේ පවුම් දෙකේ මාලේ පැහැරගෙන හොරා පැන යයි!

කාන්තාවකගේ දුරකතනයක් කොල්ලකා බස් රථයක නැගී පළා යමින් සිටි පුද්ගලයෙකු අල්ලාගෙන කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දීමට ගිය නීති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල බැඳි පවුම් දෙකක පමණ රන් මාලය සහ පෙන්ඩනය එම කොල්ලකරු විසින් ම පැහැරගෙන පළා ගොස් ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිස් කොස්තාපල්වරයා රාජකාරී නිවාඩු හේතුවෙන් නිවසට යෑමට බස් නැවතුම්පලේ රැඳී සිටියදී සැකකරු කාන්තාවකගේ දුරකතනයක් සොරාගෙන පළා ගොස් තිබේ. කොස්තාපල්වරයා ඔහු හඹා ගොස් ඇති අතර අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

පසුව පොලිස් කොස්තාපල්වරයා නිවසට යෑමට බස් රථයට ගොඩ වූ පසු එහි සැකකරු සිටිනු දැක ඔහු අල්ලාගෙන පොලිසියට යෑමට උත්සාහ කිරීමේදී සැකකරු පොරබදා කොස්තාපල්වරයාගේ මාලය පැහැරගෙන තිබේ.

පැහැරගත් මාලයේ වටිනාකම ලක්ෂ 5ක් පමණ වන බව පැවසේ. පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top