/ May 14, 2026

මම නිර්දෝෂයි : යෝෂිත කියයි!

Yoshitha Rajapaksha

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම්විරහිත බවයි. 

විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේ දී චෝදනා පත්‍ර කියවා දුන් අතර තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවට හෙතෙම ප්‍රකාශ කළේ ය. ඒ අනුව නඩු විභාගය ආරම්භ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top