සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් සාන්ත සේවයෙන් ඉවත් කර තිබේ.
මෙයට අදාළ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් උපකුලපතිවරයාට භාර දී ඇති අතර මෙම තීරණයට හේතුව තමා නොදන්නා බව මහාචාර්යවරයා පවසයි.
මීට වසර කිහිපයකට පෙර ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පසුගියදා කැඳවා තිබිණ.






