/ May 15, 2026

අදත් වැස්ස – අවධානයෙන් සිටින්න!

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පැවතීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාව අද (15) දිනත් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනය මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්.

ඒ අතර, කැළණි, කළු සහ මහඔයේ ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පහත්බිම්වල ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් දිවයිනට බලපා ඇති අඩුපීඩන කලාපය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top