/ May 22, 2026

දැරිය අපයෝජන නඩුව අද – රටම අවදියෙන් සිටිය යුතු යි!

බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (22) අනුරාධපුර අධිකරණයේදී කැඳවීමට නියමිත ය.

ලාබාල දැරියක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමට සැක පිට කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිද ඒ අතර වෙයි.

මෙම නඩුව පසුගිය මාසය පුරා රටේ විවිධ සංකීර්ණතා මතු කළ අතර පොලිස් විමර්ශකයන්ගේ ක්‍රියාකලාපයත්, බලධාරීන්ගේ අක්‍රීය ප්‍රතිපත්තියත්, දේශපාලකයන්ගේ නිහඬබවත් සමාජයේ ප්‍රශ්න කිරීමකට ලක් විය.

දිගින් දිගටම පොලිස් විමර්ශන විශ්වසනීයත්වයෙන් තොරව ක්‍රියාත්මක වීම පෙනුණු අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ බලතල නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බවට ඇමැතිවරියට චෝදනා නැගුණි.

කෙසේ වෙතත්, මේ වන විට පොලිස් විමර්ශන අවසන් බවට ප්‍රකාශ වී ඇති අතර අද දිනයේද මේ වන විට ප්‍රතිකාර ලබමින් ජාතික රෝහලේ සිටින සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් නොවෙතැයි ආරංචි පළ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top