/ May 22, 2026

සිසුහු 18ක් මොළේ උණ රෝගයෙන් දියතලාව රෝහලේ!

මොළේ උණ හෙවත් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ සහිත සිසුන් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුව වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

උණ, හිසේ කැක්කුම. ක්ලාන්තය, සමේ කුඩා බිබිලි හට ගැනීම, වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂණ දියතලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන්ට තිබෙන බවත් ඒවා බොහෝ දුරට මැනින්ජයටීස් රෝග ලක්ෂණ බවත් එම වෛද්‍යවරු පවසති.

ස්වසන මාර්ගය හරහා මෙනින්ජයිටිස් රෝගය බෝවෙන බවත් එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම අදාළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැනුවත් කර ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවද වෛද්‍යවරු කියති.

ශ්වසන මාර්ගය හරහා මෙනින්ජයිටිස් රෝගය බෝ විය හැකි බවත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය. ඊට හේතු විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.

දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් පිළිබඳ සහ ඔවුන්ගේ රෝග ලක්ෂණ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර බව වාර්තා වේ.

දෙනියාය මූලික රෝහලෙන් හමු වූ රෝගීන්ට තිබූ රෝග ලක්ෂණ දියතලාව රෝහලේ රෝගීන්ට ද තිබෙන බවට මූලික වශයෙන් නිරීක්ෂණය වී ඇතැයි ද දැනගන්නට ඇත.

මීට අමතරව ඉකුත් කාලයේ රට පුරා විවිධ ප්‍රදේශ වලින් විටින් විට මොළේ උණ රෝගීන් කිහිප දෙනෙකු හමු වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top