බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද (22) අනුරාධපුරේ අධිකරණයේදී කැඳවනු ලැබූ අතර සැකකාර පල්ලේගම හේමරතන හිමිට ඇප ලබා දීමට අධිකරණය තීරණය කරනු ලැබී්‍ය.
අධිකරණයේ අදහස වූයේ කරුණු දැක්වීම් අනුව පුද්ගල නිදහසට බාධා වන තීරණයක් ගැනීමට තරම් ඒ කරුණු ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව සැකකාර හිමි නම, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජිතයන් කරුණු දක්වමින් පොලිස් විමර්ශකයන්ගේ ක්‍රියා කලාපය දැඩි සේ විවේචනය කර ඇති බව ද දැනගන්නට ඇත. විමර්ශන අවසන් නොවී තිබියදීම මෙම නඩු ගොනුව විමර්ශන අවසන් යැයි පවසා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇතැයි එහිදී පවසා තිබේ.






