/ Jun 04, 2026

සලේගේ මෝසම කැඳවයි – නියෝගය දෙන්නත් දින දෙයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වනදා ප්‍රකාශයට පත්වන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බලා තිබුණ අතර එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය උක්ත නියෝගය නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top