ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සමන් චන්ද්‍රසිරි මහතා වැඩ බාරගෙන තිබේ.
ඒ අනුව 2026 ජූනි 4 වන දින සිට ඊශ්‍රායල රාජ්‍යය වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම්කළ තානාපතිවරයා ලෙස ඔහු රාජ්‍යතාන්ත්‍රික රාජකාරී භාරගෙන ඇත.
මින්පෙර එහි ශ්‍රී ලංකා තානාපති හැටියට කටයුතු කළේ නිමල් බණ්ඩාර මහතාය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් ලෙස සැලකෙන නායකත්වයක් ඇති, ජන සංහාරක රාජ්‍යයක් ලෙස විවේචනයට ලක්වන ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකා රජය සමීපව කටයුතු කරන බවට මේ අතර විවේචන එල්ල වෙමින් තිබේ.
සමාජවාදී සමානතා පක්ෂයේ නීතිඥ විල්සන් ජයසේකර පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බවට නිල ඇස්තමේන්තු සඳහන් කරන පලස්තීනුවන් 70,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳව ශ්‍රී ලංකා රජය කිසිදු සැලකිල්ලක් දක්වන බවක් නොපෙනෙන බවය.
රටේ කම්කරු පන්තිය ශ්‍රී ලංකා රජයේ මෙම හැසිරීම හෙළා දැකිය යුතු යැයි ද සියොන්වාදී ඊශ්‍රායල රාජ්‍යය සමඟ ඇති සියලු සබඳතා අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු යැයි ද නීතිඥ ජයසේකර පවසයි.
මානෙල් ඩේවිඩ්






