/ Jun 06, 2026

ඩෙංගු මාරයා හිස ඔසවයි : රෝහල් ධාරිතාව ඉක්මවන්න ළඟයි!

ඩෙංගු රෝගය නැවතත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙන අතර ඩෙංගු රෝගීන් ඇතුළත් වීම නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යෑමේ අවදානමක්ද මතු වී ඇති බව පැවසේ.

2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35000ක් ඉක්මවා වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19කි. එම සංඛ්‍යාවෙන් බහුතරය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ, ගම්පහ රත්නපුර මාතර ගාල්ල කළුතර මහනුවර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් වැඩිම රෝගීන් වාර්තා වී තිබේ. අනෙක් දිස්ත්‍රික්කවලද සැලකිය යුතු මට්ටමකින් ඩෙංගු රෝගීන් වාර්තා වන බව දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top