/ Jun 07, 2026

හඳුන්නෙත්ති අයියා කතා කරන්න කිව්වම මගෙ කකුල් වෙව්ලුවා – නාමල්

“නාමල් ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් භා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පිරිසක් අතර හමුවක් පැවතියේ අඟහරුවාදා නෙළුම් මාවතේදීය.
කවුද අපේ රැස්වීම් වල කතා කරන්න කැමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විමසීය.

අපි ආසයි. ඒත් ටිකක් නුහුරුයි වගේ”

තරුණ පිරිසේ කෙනෙක් කීවේය.
“මමත් ප්‍රේමදාසගේ කාලේ පළාත් සභා වලට ඉල්ලන කොට මයික් එකක් අරගෙන තනියම කතා පැවැත්වුවා. “ජොන්ස්ටන් කීවේය
“මටත් හොඳ අත්දැකීම් තියෙනවා. මම එතකොට ලන්ඩන්වල ඉඳල ආපු ගමන්. එතකොට මහින්ද ජනාධිපතිතුමා මුල්ම ජනාධිපතිවරණයට තරඟ කළ කාලෙ මාත් ගියා රැස්වීමකට ඒකෙදී මම රැස්වීම නරඹමින් ඉන්න කොට සුනිල් හඳුන්නෙත්ති අයියා මට කතාවක් කරන්න කීවා මාව වෙව්ලන්න ගත්තා. හැබැයි මම ඇඳගෙන හිටියේ ලොකු කලිසමක්. ඒක ඒ කාලෙ ෆැෂන් එක. ඒකෙ කකුල් ලොකු නිසා මගේ කකුල් වෙව්ලනවා. කවුරුවත් දැක්කෙ නෑ ” නාමල් කියද්දී එහි සිටි කාටත් සිනාව නවතාගත නොහැකි විය.” ඒ නිසා කපා කරන්න බය වෙන්න එපා. දිගටම කතා කරන්න ” නාමල් තරුණ පිරිසට උපදෙස් දුන්නේ ය.

උපුටා ගැනීම – ඉරිදා ලංකාදීම (තිරය පිටුපස)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top