/ Jun 07, 2026

බීමත් රියදුරෙකු පැදවූ රථයේ ගැටී කතුන් දෙදෙනා මරුට!

ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේදී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඊයේ පස්වරුවේ ඇඹුල්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුර සිදුව ඇත. අනතුරෙන් පසුව මෝටර් රථය පළා ගොස් තිබේ.

 CCTV දර්ශන සහ ලද තොරතුරු මත විමර්ශන සිදුකළ පොලීසිය විසින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා බීමතින් පසුවී සිට ඇති බවයි.

මිය ගිය දෙදෙනා 42 සහ 44 වයස්වල පසුවූ අය බව හෙළිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top