/ Jun 07, 2026

චීන ලක්ෂණ සහිත ප්‍රජාතන්ත්‍රවාදය : ශ්‍රී ලංකා මන්ත්‍රීන්ට හැදෑරීමක්

චීනයේ රාජ්‍ය පාලන ක්‍රමවේදය සහ චීන ලක්ෂණ සහිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් එරටදී පැවැත්වී තිබේ.

මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසෙහි නිල නායකත්වය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න දරා ඇති අතර නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එම පිරිසට ඇතුළත් වී තිබුණි.

චීන වාණිජ දෙපාර්තමේන්තුව සහ ICC ආයතනය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේදී චීන ජනාධිපති ෂි ජින්පින්ගේ දේශපාලන චින්තනය, සමස්ත ක්‍රියාවලි මහජන ප්‍රජාතන්ත්‍රවාදය (Whole-Process People’s Democracy) සංකල්පය, මෙන්ම Chinese People’s Political Consultative Conference (CPPCC) සහ සැසිවාර දෙක (Two Sessions) ක්‍රියාකාරී යාන්ත්‍රණයන් පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කර තිබේ.

වැඩමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත පිරිසට ජාතික මහජන කොංග්‍රසය ඇතුළු චීනයේ ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක සංචාරය කර ඒවායේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය සෘජුව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද හිමිව ඇත.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top