/ Jun 08, 2026

සලේට අසාධ්‍යයි. රෝහලෙන් පිටට පැමිණ බිරිඳ මාධ්‍යයට කියයි!

රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ මනෝරි සලේ පවසයි.

ඇය මේ බව සඳහන් කළේ අද (08) සිය සැමියාගේ සුවදුක් බැලීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“සර් තාම කන්නේ බොන්නේ මොකුත් නෑ. එයාට අසාධ්‍යයි. වෛද්‍යවරු නම් බලනවා. සේලයින් දෙනවා. සර් කන්නේ බොන්නේ නෑ. සර්ගේ උපවාසය අතාරින්නේ නෑ,” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top