/ Jun 08, 2026

ව්‍යාජ ඩොලර් නෝට්ටු 100 මිටි 60ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට!

විදේශයකදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු මිටි 60 ක් (ඩොලර් 700000) සමග වයස අවුරුදු 53 ක ශ්‍රී ලාංකික කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි එම සැකකාරියගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර මෙම මුදල් තොගයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 21 ක් බව දැක්වෙයි. මෙම ව්‍යාජ මුදල් ජාවාරමට පකිස්ථාන ජාතිකයෙකුද සම්බන්ධ බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම මුදල් නෝට්ටු පිටරටකදී මුද්‍රණය කර මෙරටට ගෙන්වා ඇති බවට පොලිසිය සැක පළකරන අතර මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුවමාරු කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284 ක මුදලකට හුවමාරු කිරීමට සූදානම්ව සිට ඇති බව සඳහන්.

අත් අඩංගුවට ගත් සැකකාරිය හෙට (09) දින අලුත් කඩේ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top