පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් භාරයේ සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සිකුරාදා (6) ආරම්භ කළ මාරාන්තික උපවාසයේ ප්‍රධාන ඉල්ලීම මේ වන විට අනාවරණය වී තිබේ.
ඔහුගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය, අණ දීමහෝ පාලනය යටතට පත් නොවන වෙනත් බාහිර පොලිස් විමර්ශන අංශයක් වෙත තමන්ගේ විමර්ශන කටයුතු සහ රැඳවුම් ස්ථානය මාරු කරන බවට නිල පොරොන්දුවක් රජය විසින් ලබා දිය යුතු බවයි.
මේ වන විට ආරක්ෂාව යටතේ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති හිටපු බුද්ධි ප්‍රධානී සලේගේ උපදෙස් මෙලෙස ඔහුගේ නීතිඥවරයා විසින් මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර උපවාසය නවත්වන ලෙස ඉල්ලීම් නොකරන්නැයි සලේ විසින් පවුලෙන් සහ සිය නීතිඥවරයාගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.
ඒ අතර සැකකාර සලේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දැනුම් දී තිබේ.






