/ Jun 11, 2026

පාස්කු ප්‍රහාරය කළේ රාජපක්ෂලාගේ දේශපාලන වුවමනාවට : ඇමැති බිමල්!

ඊයේ (10) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළ අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය රාජපක්ෂලාගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් කළ එකක් බව සාමාන්‍ය දේශපාලන විඥානයක් ඇති කාට වුවත් වැටහෙන දෙයක් බවයි.

තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේද පැවසීය.

“කෙනෙක්ට අමුතුවෙන් පරීක්ෂණ කරලා ඔප්පු කරගන්න දෙයක් තිබුණේ නැහැ. මේ පක්ෂෙම සමහර මන්ත්‍රීතුමාලා බෝම්බ ප්‍රහාරේ පස්සේ කරපු ඕන තරම් ප්‍රකාශෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා කියන්න. මම දුටුවා කාදිලනල්තුමා වෙනුවෙන් යම්කිසි ප්‍රකාශයක් කරනවා සිරිල් ගාමිණී පියතුමා. ඒ නිසා අපි කියන්න කැමතියි මේ රටේ අපි දේශපාලන අභියෝගයක් බාර ගෙන තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මෙතෙන්ට ආවේ. රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙනිච්චොත් ගිනි තියාගන්නවා කිව්වා. ගිනි කූරක්වත් ගැහුවේ නැහැ. මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසමට ගෙනෙව්වා.”

නීත්‍යානුකූලව ගිය හැකි උපරිම දුර ගොස් මිනීමරුවන්ට දඬුවම් කරන බව කී රත්නායක ඇමැතිවරයා, ජාතික ජනබලවේග රජය තර්ජන ගර්ජනවලට බිය නොවන බව අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top