වයස අවුරුදු 5ක් වන පෙරපාසල් දැරියකට අතවර බව කියන වෙළෙඳසැල් හිමිකරුවෙකු මාදම්පෙ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
අතවරයට පත්ව ඇති දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරු විසින් පවත්වා ගෙන යනු ලබන වෙළෙඳසැල වෙත ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී දැරියව වෙළෙඳසැල තුළට ගෙන අදාළ සැකකරු මෙම අතවරය සිදුකර ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇත්තේ දැරියගේ මව විසිනි.
දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.






