/ Jun 20, 2026

දුම්රිය දේපළවලට අලාභහානි කළැයි පුද්ගලයෙකු අත්අඩංගුවට!

අලව්ව දුම්රිය ස්ථානයේ දේපළවලට අලාභහානි කළ බවට සැකපිට පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සඳුදා අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම දුම්රිය ඉදිරියට ධාවනය කරවීම සඳහා පසුපසින් පැමිණි තවත් දුම්රියක් යොදාගෙන තිබිණි.

එම ක්‍රියාවලිය හේතුවෙන් දුම්රිය ගමන්වාර ප්‍රමාද වීමත් සමඟ මගීහු පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට විරෝධය පළ කර ඇත.

එම අවස්ථාවේදී එක් මගියෙකු දුම්රිය ස්ථානයේ දේපළවලට අලාභහානි සිදුකර ඇති බවට වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අලව්ව දුම්රිය ස්ථානාධිපතිවරයා අලව්ව පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

අදාළ සැකකරු ඊයේ රාත්‍රියේ අලව්ව දුම්රිය ස්ථානය හරහා ගමන් කරමින් සිටි දුම්රියක සිටියදී හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top